යතුරුපැදි අනතුරකින් පොලිස් ස්ථානාධිපතිවරයෙක් මරුට

October 09, 2022 - 2:12 PM

යතුරුපැදි අනතුරකින් පොලිස් ස්ථානාධිපතිවරයෙක් මරුට | දේශීය පුවත්

බේරුවල, මොරගල්ල සංචාරක පොලීසිය ඉදිරිපිට අද (ඔක්. 9) අළුයම යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පොලිස් නිලධාරියකු මිය ගොස් තිබේ.

අනතුරින් තවත් පොලිස් නිලධාරියෙකු ඇතුළු  තිදෙනෙකු තුවාල ලබා නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ බේරුවල පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ උපපොලිස් පරීක්ෂක චතුරංග කස්තුරිආරච්චි මහතා ය.

ඔහු කොස්තාපල්වරයෙකු සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි දෙදෙනකු ගමන් ගත් යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර වී ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ සිව්දෙනා ම කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ස්ථානාධිපතිවරයා මියගොස් තිබේ.

බේරුවල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment