පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද (ඔක්. 9) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
එහි දැක්වෙන්නේ, ඔක්. 8 වන සිට මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාවට මුදල් ලබා දුන් අය ලෙස “ව්‍යාජ” නම් ලැයිස්තුවක් සමාජ මාධ්‍යවල සංසරණය වන බව ත් එහි තම නම ද ඇතුළත් බව ත් ය.
අදාළ කාන්තාව තමන් නොදන්නා බව ත් තමන් කිසිදු අයුරකින් ඇය සමග ගනුදෙනු කර නොමැති බව ත් මන්ත්‍රීවරයා සිය පැමිණිල්ල මගින් දන්වා තිබේ.
මේ අතර, සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා සඳහන් කර තිබුණේ, අදාළ ව්‍යාජ ලිපිය සැකසූ පුද්ගලයින්ට මෙන් ම ඉන්ටර්නෙට්හි එය බෙදා හරින පිරිසට ද එරෙහිව හෙට (ඔක්. 10) දින පොලිසියට පැමිණිල්ලක් කිරීමට අපේක්ෂා කරන බව ය.
“තිළිණි ප්‍රියමාලි නමැති වංචාකාරියට මුදල් දුන් අය ලෙස ව්‍යාජ ලැයිස්තුවක් සමාජ ජාලාවන්හි සංසරණය වන අතර එහි මගේ නම ද ඇත. මෙකී ව්‍යාජ ලියැවිල්ල සැකසූ අයට මෙන් ම අන්තර්ජාලයේ බෙදා හරින අයට ද විරුද්ධව 2022 ඔක්තෝම්බර් 10 දින පොලිසියට පැමිණිල්ලක් කිරීමට අපේක්ෂා කරමි.”