හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කළුතර පැවැත්වූ රැස්වීම “විහිළුවක්” බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
සිරිසේන මහතා මේ බව සඳහන් කළේ, මහනුවර ශ්‍රී දළදා මාලිගාවට අද (ඔක්. 9) පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වත අදහස් දක්වමිනි.
එය “පොඩි ආර්ටිෆිෂල්” වැඩක් බව ද ආර්ථික ගැටලුවලින් පීඩාවට පත්වී සිටින ජනතාවට විහිළු සැපයීමක් බව ද ඒ මහතා කීය.
මේ අතර, විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තිබුණ ද එය කල්ගිය බැවින් ඉදිරියේදී එයට තව ත් සංශෝධන එකතු වීමේ හැකියාව ඇතැයි ද හිටපු ජනපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.