පකිස්ථානයේ සාප්පු සංකීර්ණයක විශාල ගින්නක්: සිය ගණනක් බේරා ගෙන

October 10, 2022 - 1:16 AM

පකිස්ථානයේ සාප්පු සංකීර්ණයක විශාල ගින්නක්: සිය ගණනක් බේරා ගෙන | විදේශීය පුවත්

ඊයේ (ඔක්. 9) පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර සෙන්ටෝරස් නම් වූ ඉතා ජනාකීර්ණ සාප්පු සංකීර්ණයක විශාල ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න ඇති වී පැය දෙකකට පමණ පසු එය මැඩපැවැත්වීමට එරට ගිනි නිවන කණ්ඩායම් සමත් වී ඇති අතර සාප්පු සංකීර්ණයේ සිටි සියලු දෙනා ආරක්ෂිතව ඉවත් කළ බව ත් ජීවිත හානි කිසිවක් වාර්තා නොවූ බව ත් එරට පොලිසිය පවසනවා.

සමාජ මාධ්‍ය දර්ශන මගින් ගොඩනැගිල්ලෙන් විශාල දුමාරයක් පිටවන අතර සාප්පු සංකීර්ණය තුළ සහ පිටත ඉතා විශාල ගිනිදැල් පැවති බව ත් ගොඩනැගිල්ල තුළ සිටි කණ්ඩායම් යුහුසුළුව  පිටව යාමට උත්සාහ කරන  ආකාරයත් දැකගත හැකි වනවා.

එරට දිවා ආහාර වේලාවේදී මෙම ගින්න හටගෙන ඇති අතර, අමුත්තන්ගෙන් පිරී පැවති ආපන ශාලාව අසල ඉතා තදින් ගිනිදැල් ඇති වී තිබෙනවා.

ඉස්ලාමාබාද් හි ප්‍රධාන කොමසාරිස් මොහොමඩ් උස්මාන් යූනිස් පැවසුවේ “ගිනි ගැනීම ඉහළ මහල දක්වා පැතිරීම වැළැක්වීමට උදව් කිරීමට” නගර පරිපාලනය විසින් හෙලිකොප්ටර් සහ ගලවා ගැනීමේ කණ්ඩායමක් ඉල්ලා සිටි බවයි.

ගළවා ගැනීමේ මෙහෙයුම සඳහා අවම වශයෙන් ගිනි නිවන රථ 14 ක් සහභාගී වූ අතර අසල්වැසි රාවල්පිණ්ඩි නගරයෙන් තවත් වාහන ඉල්ලා ඇති බව නියෝජ්‍ය කොමසාරිස් ඉර්ෆාන් නවාස් මේමන් පැවසීය. තව ද තාක්ෂණික කණ්ඩායම් එම සාප්පු සංකීර්ණය සහ ඒ අසල පිහිටි ගොඩනැගිලි වල ආරක්ෂිත තත්ත්වය වාර්තා  කරන තෙක් ඒවා මුද්‍රා තබන බවද නියෝජ්‍ය කොමසාරිස්වරයා පවසනවා.

පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ප්‍රකාශ කළේ, කඩිනම් පියවර ගන්නා ලෙස අදාළ සියලු ආයතන සහ බලධාරීන්ට තමන් නියෝග කළ බවයි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment