චන්ද්‍රිකාට වත්මන් ආණ්ඩුවෙන් ලැබුන තනතුර

October 10, 2022 - 10:03 AM

චන්ද්‍රිකාට වත්මන් ආණ්ඩුවෙන් ලැබුන තනතුර | දේශීය පුවත්

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පිළිබඳ ජාතික ඒකාබද්ධ යාන්ත්‍රණයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාව ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කර තිබෙනවා.

එහි  පළමු රැස්වීම ජනාධිපති ලේකම් ප්‍රධානත්වයෙන්  කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු අතර, ජ්‍යෙෂ්ඨ උපදේශකවරිය වශයෙන් හිටපු ජනාධිපතිනිය ඊට සහභාගි වී තිබෙනවා.


 ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම හදිසි ජාතික වැදගත්කමක් ඇති විෂයක් වන නිසා  තමන්ට වර්තමාන  රජයෙන් ලැබුනු ආරාධනය භාර ගනිමින් වැඩසටහනේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාව ලෙස එක්වීමට තමන් එකඟ වූ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසනවා.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment