මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි පියුමාලි සන්තකයේ තිබී ජංගම දුරකතනයක් සොයා ගෙන තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කළේ, ඊයේ (ඔක්. 9) රාත්‍රී 9.30ට පමණ වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සිදු කළ සෝදිසියකදී බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමයක බළකාය විසින් අදාළ ජංගම දුරකතනය සොයාගනු ලැබ ඇති බව ය.
ඒ අනුව, සිද්ධිය සම්බන්ධයන් බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමයක බළකාය සහ වැලිකඩ බන්ධනාගාර අධිකාරිය සිදු කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.