බාල වයස්කාර දරුවන් දෙදෙනෙකු බියගන්වා මත්පැන් පෙවූ බවට චෝදනා එල්ල වූ 25 හැවිරිදි අයෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ පුවතක් අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වේ.
දරුවන් දෙදෙනාගේ දෙමව්පියන් විසින් පොලීසියට කල දැනුම්දීමකට අනුව මෙම සැකකරු අත්අඩංගුව ගෙන අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රිමාන්ඩ් භාරයට පත්කොට ඇත.
ඔයාමඩුව ප්‍රදේශයේ වැවක දිය නාමින් සිටිය දී සැකකරු විසින් කොටුවක් පෙන්වා බිය ගන්වා අවුරුදු 5 සහ 10 යන වයස්වල මෙම දරුවන් දෙදෙනා මත්පැන් පානය කිරීමට පොළඹවා ඇත.
පසුව බියට පත් වූ දරුවන් දෙදෙනා ඒ පිළිබඳ දෙමාපියන් මාර්ගයෙන් පොලිසිය දැනුවත් කර දරුවන් අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කර ඇත.