ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) විසින් දීර්ඝ කාලීනව කරන ලද විමර්ශනයකින් පසුව, ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ව්‍යාපෘති දෙකක් සඳහා කොන්ත්‍රාත්තු ලබා ගැනීම සඳහා ශ්‍රී ලාංකික රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් ලබා දීම සම්බන්ධයෙන් 67 සහ 71 හැවිරිදි සිඩ්නි වැසියන් දෙදෙනෙකුට චෝදනා එල්ල වී තිබේ.
2009 සිට 2016 දක්වා කාලය තුළ ශ්‍රී ලාංකික රාජ්‍ය නිලධාරීන්ට ඔස්ට්‍රේලියානු ඩොලර් 304,000කට වැඩි මුදලක් අල්ලස් ලෙස ලබාදීම මොන්වුන්ට ඇති චෝදනා වේ.
මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී චෝදනා ලබා ඇති අතර ඔවුන් අද දින (ඔක්තෝබර් 11) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඕස්ට්‍රේලියාවේ පිහිටි පෞද්ගලික ආයතනයක් මඟින් ඩොලර් මිලියන 8.8 ක ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ව්‍යාපෘති දෙකක අධීක්ෂණ කොන්ත්‍රාත්තු ලබා ගැනීම සඳහා ශ්‍රී ලාංකා රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් ලබා දුන් බවට එල්ල වන චෝදනා පිළිබඳව ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විමර්ශනය කරයි.