දිනෙන් දින ඉහලට යන මත්ද්‍රව්‍ය වැටලීම්

October 11, 2022 - 11:42 AM

දිනෙන් දින ඉහලට යන  මත්ද්‍රව්‍ය වැටලීම් | දේශීය පුවත්

විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ නිලධාරින්ට ලද බුද්ධි තොරතුරකට අනුව  නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.10.10 වන දින ඇඹිලිපිටිය පොලිස් වසමේ හින්දළුක්හින්න, කරුවලගංගොඩ රජයේ රක්ෂිතයේ දී වැටලීමක් සිදුකර ඇත.එහි දී පැය 1520 ට නීති විරෝධී වියලි ගංජා කිලෝ ග්‍රෑම් 365.3 ක් සැකකරුවෙකු නොමැතිව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇඹිලිපිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. 
 
මේ අතර 

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨශයේ නිලධාරින්ට ලද බුද්ධි තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය  නිලධාරීන්  විසින් 2022.10.10 වන දින කොම්පඤ්ඤවීදිය පොලිස් වසම් කොතලාවල ආරක්ෂක විද්‍යාලය ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී පැය 1410 ට පාසල් කේන්ද්‍ර කර ගනිමින් කේරළ ගංජා හා අයිස් ජාවාරම් කරනු ලබන කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 63 පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.img-20221011-wa0020 img-20221011-wa0021 ice_ganja 

WhatsApp
Telegram
Make a Comment
Make a Comment