අතුරුදන් වූවන්ගේ ළඟම ඥාතියාට ලැබෙන මුදල ඉහළට

October 11, 2022 - 3:17 PM

අතුරුදන් වූවන්ගේ  ළඟම ඥාතියාට   ලැබෙන මුදල ඉහළට | දේශීය පුවත්

අතුරුදන් වූ තැනැත්තෙකු වෙනුවෙන් පවුලේ ළඟ ම ඥාතියා වෙත ගෙවනු ලබන මුදල, රුපියල් 200,000ක් දක්වා ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

එමෙන් ම, දක්නට නොලැබීමේ සහතිකය ලබා ගැනීම සඳහා දීර්ඝ කාලයක් ගතවීමත් ගෙවනු ලබන රුපියල් 100,000ක මුදල ප්‍රමාණවත් නොවීමත් යන කරුණු සැලකිල්ලට ගෙන අදාළ පුද්ගලයා අතුරුදන් වී ඇති බවට හානිපූර්ණ කාර්යාලය විසින් තහවුරු කරගෙන ඇත්නම් දක්නට නොලැබීමේ සහතිකය ලබා ගැනීමේ අවශ්‍යතාව ඉවත් කිරීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

අධිකරණය අමාත්‍යවරයා විසින් ඊට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබ තිබේ.

අතුරුදන් වූ තැනැත්තන්ගේ පවුල් සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන ‘දක්නට නොලැබීමේ සහතිකය’ මත පදනම් කර ගනිමින් ළඟ ම ඥාතියා වෙත රුපියල් 100,000ක මුදලක් ගෙවීමට මාර්තු මස 14 වන දා පැවති කැබිනට් රැස්වීමේදී තීරණය කර තිබිණි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment