මිචෙල් මාෂ් නායකත්වය එපා කියයි

October 11, 2022 - 4:13 PM

මිචෙල් මාෂ් නායකත්වය එපා කියයි | ක්‍රීඩා පුවත්

ඔස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමේ නායකත්වය දැරූ අරොන් ෆින්ච් පසුගිය දා එක්දින ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීම නිවේදනය කිරීම හේතුවෙන් කණ්ඩායමේ නායකත්වය සඳහා මිචෙල් මාෂ්ගේ නම යෝජනා වී තිබුනත් ඔහු පවසන්නේ, කණ්ඩායමේ නායකත්ව වගකීම දැරීමට තමා සූදානම් නැති බව යි.

තමා ක්‍රීඩකයෙක් ලෙස උපරිම දායකත්වය කණ්ඩායම වෙනුවෙන් ලබාදීමට අදිටන් කරන බව ඔහු පවසන අතර, එක්දින කණ්ඩායමේ නායකත්වය බොහෝ විට ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ට පැවරෙන බව සඳහන්.

නමුත් ඊට පෙර නායකත්ව වගකීම් දැරීම තහනම් කරමින් එරට ක්‍රිකට් පාලක මණ්ඩලය වෝනර්ට එරෙහි ව පනවා ඇති නියෝගය හකුලා ගත යුතු ද වනවා.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment