කලාවැව ජාතික උද්‍යානයේ සිට ඊයේ රාත්‍රියේ ආහාර සොයා ගම්වැදුන අලි රංචුවක සිටි මව් කෙනරක හා වයස මාස 06ක් පමණ වන අලි පැටවකු ගල්කිරියාගම උඳුරව ප්‍රදේශයේ අනාරක්ෂිත ළිදකට වැටී තිබෙනවා.
කලාවැව ජාතික උද්‍යානයේ කටයුතුභාර ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් එම කෙනර හා පැටවා නිරුපද්‍රිතව එම ලිදෙන් ගොඩගෙන යළි ආරක්ෂිතව කලාවැව ජාතික උද්‍යානයට මුදාහැරිමට කටයුතු කරනු ලැබුවා.
ජේසීබී යන්ත්‍රයක් යොදාගනිමින් සිදුකල පැයක පමන මෙහෙයුමකින් පසුව වන අලින් දෙදෙනා ගොඩ ගත් අතර ගොඩට ආ වන අලින් දෙදෙනා මිනිසුන්ගේ නිහඬතාවය මැද කිසිදු කලබලයකින් තොර නිහඩව ජාතික උද්‍යානය වෙත ගමන් කරනු දැකිය හැකි වුනා.