උප තැපැල් ස්ථානාධිපතිවරියන්ට සිය ප්‍රසූත නිවාඩුව සඳහා මෙතෙක් තිබු දින 30ක සීමාව දින 84ක් දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (11) පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළා.