බස්නාහිර පලාත තුල සිදුවන ත්‍රීරෝද රථ හා යතුරුපැදි සොරකම් අවම කිරීම අරමුණු කරගනිමින් බස්නාහිර පළාතේ පොලිස් වසම් 126 ක පිහිටා ඇති ත්‍රීරෝද රථ හා යතුරු පැදි අලුත්වැඩියා කරනු ලබන ගරාජ් සහ අනෙකුත් ස්ථාන 2,863 ක් හඳුනාගෙන ලේඛනගත කරගැනීමට කටයුතු කර තිබෙනවා.
එම අලුත්වැඩියා කරන ස්ථාන හිමිකරුවන් 2111 දෙනෙකු දැනුවත් කරමින් එසේ යතුරු පැදි හා ත්‍රීරෝද රථ තම ගරාජ් හා අලුත්වැඩියා ස්ථාන වෙත අළුත්වැඩියාව සදහා යොමුකරනු ලබන පුද්ගලයින් පිලිබදව , ඔවුන් විසින් ඉල්ළිම් කරන අලුත්වැඩියාවන් පිලිබද විමසිලිමත් වන ලෙස දැනුම් දීමට මෙහිදී ක්‍රියා කර තිබෙනවා.
මෙම වැඩසටහන 2022.10.03 දින සිට 2022.10.07 දින දක්වා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරුනා.