අලව්වේදී පොහොට්ටුව පරාද වෙයි

October 11, 2022 - 6:56 PM

අලව්වේදී පොහොට්ටුව පරාද වෙයි | දේශීය පුවත්

අද පැවැති අලව්ව ප්‍රාදේශීය සභාවේ අයවැය ජන්ද විමසීමේදී පාලක ශ්‍රීලංකා පොදුජන පෙරමුණ  පරාජයට පත්විය.

සභාවේ මුලු මන්ත්‍රී සංඛ්‍යාව 28ක් වන අතර පාලක පොහොට්ටු පක්ෂයට ඉන් 15ක් හිමිය.

නමුත් ජන්ද විමසීමේදී අයවැයට විරුද්ධව ජන්ද 18ක් හිමිවූ අතර පක්ෂව හිමිවූයේ ජන්ද 9ක් පමණි.

පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් අයවැයට 9 දෙනකු විරුද්ධව ජන්දය භාවිත කළ අතර පක්ෂව ජන්දය දී තිබුණේ 05 දෙනකු පමණි.

එක් මන්ත්‍රීවරයකු සභාවට පැමිණ සිටියේ නැත.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment