තෑගි දෙන මුවාවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කෝටි ගණනක මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට  

October 12, 2022 - 7:59 AM

තෑගි දෙන මුවාවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කෝටි ගණනක මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට | දේශීය පුවත්

සාමාජ මාධ්‍ය ඔස්සේ රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් මගින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ට ත්‍යාග ලබා දෙන බවට පවසමින් සාමාජ මාධ්‍ය ඔස්සේ රුපියල් 11,627,175ක මුදලක් සැකකරු සිය බැංකු ගිණුම් වෙත තැන්පත් කරගෙන තිබේ.

ඒ අනුව, සැකකරු මුදල් වංචා කිරීම, සාපරාධි සාවද්‍ය පරිහරණය, සාපරාධි විශ්වාසය කඩ කිරීම හා මුදල් විශූද්ධීකරණ පනත යටතේ අත්අඩංගුවට  ගත් බව පොලිසිය පැසඳහන් කළේ ය. 

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 30 හැවිරිදි හිඹුටාන, අංගොඩ යන ප්‍රදේශයයේ පදිංචිකරුවෙකි.

ඔහු අද (ඔක්. 12) කොළඹ මහ‍ෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment