තුන් වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකයට දින නියම වෙයි

October 12, 2022 - 8:22 AM

තුන් වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකයට දින නියම වෙයි | විදේශීය පුවත්

තුන්වැනි චාල්ස් රපුගේ රාජාභිෂේකය 2023 මැයි 6 වෙනිදා සෙනසුරාදා දින ලන්ඩනයේ පිහිටි වෙස්ට්මිනිස්ටර් අබේ දේවස්ථානයේදී පැවැත්වීමට දින නියම කළ බව බකිම්හම් මාළිගය නිවේදනය කරයි.

එම උත්සවයේදී තෙවන චාල්ස් රජු ඔහුගේ සහකාරිය සමග කිරුළු පළඳවනු ඇත අතර එය කැන්ටබරිහී අගරදගුරුතුමන් විසින් මෙහෙයවනු ලබනු ඇතැයි බකිංහම් මාලිගය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

දෙවන එලිසබෙත් මහ රැජිණගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් අබේහිදී සැප්. 19 වන දා පැවැත්විණි.

70 වසරක පාලනයකට උරුමකම් කී 96 වන වියේ පසු වූ බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණ, සැප්තැම්බර් 8 වන දා බැල්මොරල්හිදී මාලිගයේදී අභාවප්‍රාප්ත වූවා ය.

ඇයගේ අභාවයෙන් පසු, ඇයගේ පුත් චාල්ස්ට බ්‍රිතාන්‍යයේ රජකම හිමි විය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment