ඊයේ (11) කොල්ලුපිටිය දුම්රිය පොළ ආසන්නයේ මුහුදේ නාදුනන මෘත ශරීරයක් පාවෙන බවට ලැබුණ තොරතුරක් මත නාවික හමුදාවේ
සහය ඇතිව එම මෘත ශරීරය ගොඩගෙන තිබේ.
වයස අවුරුදු 60 ක පිරිමි පුද්ගලයෙකුට අයත් මෘත ශරීරය පිළිබඳ වැඩිදුර විමර්ශන කොල්ලුපිටිය පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබයි.
මේ අතර මට්ටක්කුලිය පොලිස් වසමේ කදිරාන පාලම අසල ගං තීරයට තවත් මළ සිරුරක් ගොඩගසා තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඊයේ (ඔක්. 11) සවස් කාලයේ මට්ටක්කුලිය පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති බව ය.
මියගොස් ඇත්තේ, 76 හැවිරිදි සෙබස්තියන් මාවත, කඳාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවට හඳුනා ගෙන ඇත.
මෘත දේහය සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂණය හා මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරීම සඳහා දේහය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් ඇති බව පොලිසිය පැවසීය.
පශ්චාත් මරණ පරීක්ෂණය අද (ඔක්. 12) සිදුකිරීමට නියමිත අතර මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
කොල්ලුපිටිය මුහුදේ මළ සිරුර පාවෙන වීඩියෝ දර්ශනය පහතින්