ආරක්ෂකයින් පිරිවරා හෙලිකොප්ටරයෙන් ගමන් ගිය තිළිණි

October 12, 2022 - 9:28 AM

ආරක්ෂකයින් පිරිවරා හෙලිකොප්ටරයෙන් ගමන් ගිය තිළිණි | දේශීය පුවත්

ප්‍රකෝටිපතියන්, දේශපාලනඥයන්, නළු නිළියන්, භික්ෂූන් වහන්සේ රවටා මුදල් වංචා කළ තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය සිය සැමියා සමග කතරගම වැඳ පුදා ගැනීමට අවස්ථා රැසකදී හෙලිකොප්ටර් මගින් ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ.

කෝටිපතියන්ගෙන් ලබාගත් මුදල් ගෝනිවල දමා සැකකාර තිලිණි ප්‍රියමාලි ගිනි අවි සහිත සිය පුද්ගලික ආරක්ෂකයන් පිරිවරා ගනිමින් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුලුණේ 34 වැනි මහලේ පවත්වාගෙන ගිය කාර්යාලය වෙත රැගෙන ගොස් තිබෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන පුළුල් පරීක්ෂණයේදී හෙළිදරව් වී ඇත.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment