මහ කන්නයට ලැබෙන යූරියා පොහොර

October 12, 2022 - 10:45 AM

මහ කන්නයට ලැබෙන යූරියා පොහොර | දේශීය පුවත්

මහ කන්නයේ වී වගාවන් සඳහා අවශ්‍ය යූරියා පොහොර බෙදා හැරීම කඩිනම් කිරීමට රජය තීරණය කර තිබේ.

මෙවර මහ කන්නයේ වී වගා කිරීමට යෝජිත බිම් ප්‍රමාණය හෙක්ටෙයාර් 814,678.43ක් බවත් වී වගා කර සති දෙකක් ඇතුළත යුරියා පළමු පොහොර ප්‍රමාණය යෙදිය යුතු හෙයින් මෙලෙස පොහොර බෙදාහැරීම සිදුකරයි.

කිලෝ ග්‍රෑම් 50ක බරින් යුත් යුරියා පොහොර මිටියක් රුපියල් 10,000ක මුදලකට ගොවීන්ට ලබා දීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව සැප්තැම්බර් සහ ඔක්තෝබර් මුල් සතිය තුල කොමර්ෂල් පොහොර සමාගම විසින් දිස්ත්‍රික්ක 07කට යුරියා පොහොර මෙට්‍රික් ටොන් 11,283.86ක් සහ ලංකා පොහොර සමාගම විසින් මෙට්‍රික් ටොන් 11,698ක් බෙදාහැරුනු බව සඳහන් වේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment