ගොවි තැනට එක් වූ පළමු විදුලි බලාගාරය මඩකලපුවෙන් (Video)

October 12, 2022 - 10:50 AM

ගොවි තැනට එක් වූ පළමු විදුලි බලාගාරය මඩකලපුවෙන් (Video) | දේශීය පුවත්

මෙගා වොට් 10ක පොළොව මත සවිකළ සූර්ය පැනල සහිත සෝලා යුනිවර්ස්  සෝලා බලාගාරය විදුලිබල හා බලශක්ති අමාත්‍ය  කංචන විජේසේකර මහතා අතින් ඊයේ (ඔක්11.) මඩකළපුව දිස්ත්‍රික්කයේ, වවුනතිව් ප්‍රදේශයේදී  විවෘත කෙරිණ.

මෙම බලාගාරය සඳහා වින්ඩ් ෆෝර්ස්, විදු ලංකා සහ හයි එනර්ජ්ජසමාගම් ආයෝජනය  කර ඇති අතර මෙය මෙරට සූර්ය පැනල මගින් බලශක්ති උත්පාදනය කර කෘෂිකර්මාන්තය සඳහා එක්වන පළමු  කෘෂි වෝල්ටීය බලාගාරයයි..

මෙම බලාගාරයෙන් වසරකට ගිගාවොට් පැය 20 ක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට බලාපොරොත්තු  වේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment