මිනුවන්ගොඩ, ගමන්ගෙදර ප්‍රදේශයේ ඔක්. 6 වන දා වෙඩි තබා ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි.
අදාළ සැකකරු මේ වන ප්‍රදේශයෙන් පළා ගොස් සැඟව සිටින බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත.
833214292V යන ජාතික හැඳුනුම්පත් අංක හිමි ජයගොඩගේ සංජීව දෝන සංජීව ලක්මාල් නමැති 39 හැවිරිදි පුද්ගලයෙකු වන ඔහු, අංක 10, මහින්දාරාම පාර, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයේ පදිංචිකරුවෙකි.
සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකතන අංක වෙත දැනුම්දෙන ලෙසෙ පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගම්පහ – 0718591608 / සහකාර පොලිස් අධිකාරී ගම්පහ – 0718591610 / ස්ථානාධිපති මිනුවන්ගොඩ – 0718591612