2024 සඳහා වන එක්සත් ජනපද ග්‍රින් කාඩ් වීසා වැඩසටහන සඳහා අයදුම්කරුවන්ට ලැබුණු දෝෂ පණිවිඩ වලට හේතුව ලියාපදිංචි වීම සඳහා ලොව පුරා ඇති අධික ඉල්ලුම බව එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිිියි.
Green Card සඳහා අයදුම් කිරීමට dvprogram.state.gov වෙත පිවිසීමේදී දෝෂ පණිවිඩ ලැබී ඇති බවට විවිධ පුද්ගලයින් සඳහන් කර තිබුණි.
“මෙම දෝෂ වලට හේතුව ලියාපදිංචි වීමට ඇති ගෝලීය ඉල්ලුමයි. කරුණාකර ඉවසීමෙන් කටයුතු කරගෙන දිගටම උත්සාහ කරන්න” යැයි කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.
2024 සඳහා වන එක්සත් ජනපද Green Card වීසා වැඩසටහන 2022 ඔක්තෝබර් 05 වන දින අයදුම්පත් සඳහා විවෘත කළ අතර 2022 නොවැම්බර් 08 වන දින රාත්‍රී 10.30 දක්වා අයදුම්පත් භාර ගන්නා බවයි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ.
සෑම වසරකම, Green Card වීසා වැඩසටහන මඟින් එක්සත් ජනපදයට සාමාන්‍යයෙන් සංක්‍රමණිකයන් නොයවන රටවලින් පමණක් අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් 50,000කට ආසන්න පිරිසකට ස්ථිර පදිංචිය ලබා ගැනීමට ඉඩ සැලසේ.