රුපියල් ලක්ෂ දහඅටකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

October 12, 2022 - 12:56 PM

රුපියල් ලක්ෂ දහඅටකට අධික වටිනාකමින් යුත්  අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට | දේශීය පුවත්

විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය I හි නිලධාරින්ට ලද බුද්ධි තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (10.11) වැලිකඩ පොලිස් වසම් අංක 114/ඒ, කොටුවේගොඩ, රාජගිරිය ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී රුපියල් ලක්ෂ 18කට අධික වටිනාකමින් යුත්  අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 150 ක් සන්තකයේ තබාගෙන සිටි සහස්පුර, බොරැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40, 43 වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිකඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. 

මෙම පුද්ගලයන් දෙදෙනා සහස්පුර පත්මසිරි නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝලයන් බවට තොරතුරු අනාවරණය වී ඇත.

still0601_00000 still0601_00001 still0601_00002 still0601_00003

WhatsApp
Telegram
Make a Comment
Make a Comment