විශ්වවිද්‍යාල 17ක මානව හිමිකම් පිළිබඳ කේන්ද්‍ර පිහිටුවීමට තීරණය කර ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් පවසයි.
විශ්වවිද්‍යාලවල නවක වධය සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණි අවස්ථවේදී
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
එලෙස පිහිටු වන කේන්ද්‍රය මානව හිමිකම් කොමිෂන් සභාව සමග සම්බන්ධවී වැඩ කිරීමට හැකි තත්ත්වයක් ඇති කිරීමට තීරණය කළ බව රාඝවන් මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.