2020 වසරේ අපොස සාමාන්‍යපෙළ විභාගයෙන් ඉතාමත් ඉහළ ප්‍රතිඵල ලද දික්වැල්ල රත්මලේ බඹරැන්ද සද්ධර්මරාජ මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ දෙව්මි රන්සරා ශිෂ්‍යාව හදිසියේම මිය ගොස් ඇති බව වාර්තා වනවා.
උපතින්ම දෙපා ඇතුළු ශරීරයේ බොහෝ කොටස් අප්‍රාණික තත්වයේ පසුවූ රත්මලේ කුරුදුගහ හේනේ පදිංචි දෙව්මි රන්සරා කුලතුංග රාජපක්ෂ අතිශය දක්ෂ සුවිශේෂී දියණියක් ලෙස 2020 අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයේ සියලුම විෂයයන්වලට ඒ සාමාර්ථ ලබා ගැනීමට සමත් වනවා.
ඇයගේ ඉඟටියෙන් පහළ කොටස සම්පූර්ණයෙන්ම අප්‍රාණික තත්වයෙනුයි පසුවු අතර මාපියන් විසින් ඇයව පාසල වෙත වඩාගෙන රැගෙන යන ලදී, නමුත් කිසි දිනෙක සිය ශරීරයේ අඩු පාඩු ගැටළුවක් කර නොගත් දෙව්මි පාසල් අධ්‍යාපනයේදී දැක්වූයේ ඉතා ඉහළ දක්ෂතාවක්.
කෙසේ නමුත් අද ඇය ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් ජීවිතයෙන් සමුගත් බවට වාර්තා වනවා.