හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එරික් සෝල්හයිම් අතර හමුවක් අද (ඔක්. 12) සිදු වී තිබේ.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සෝල්හයිම් මහතා මේ බව සඳහන් කර ඇත.
ඔහු එහි වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නේ කෙසේ ද යන්නත්, ජාතීන් මුහුණ දෙන අභියෝගවලට හරිත විසඳුම් සෙවීම සඳහා ආර්ථිකය සහ පරිසර විද්‍යාව ඒකාබද්ධ කරන්නේ කෙසේ ද? යන්නත් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බව ය.