තිළිණි ප්‍රියමාලි මාංචු ත් නැතිව හදිසියේ කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයට පැමිණෙයි (වීඩියෝ)

October 12, 2022 - 5:21 PM

තිළිණි ප්‍රියමාලි මාංචු ත් නැතිව හදිසියේ කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයට පැමිණෙයි (වීඩියෝ) | දේශීය පුවත්

කෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළු සමාජයේ ප්‍රභූ පන්තියේ ධනවතුන් රවටමින් කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කාර්යාලයක් පවත්වාගෙන යමින් දැවැන්ත මූල්‍ය වංචාවක නිරත වූ තිළිණි ප්‍රියමාලි නැමැත්තිය අද කොළඹ කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානය වෙත ආරක්ෂක රැකවල් මැද රැගෙන ආවා.

බන්ධනාගාර නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග තිළිණි ප්‍රියමාලි ලෝක වෙළඳ මධ්‍යස්ථානයට පැමිණෙන අවස්ථාවේ සාමාන්‍යයෙන් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් හට පලඳන මාංචු යොදා නො තිබීම විශේෂත්වයක්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඇයව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුණේ 34 වෙනි මහලේ පිහිටා ඇති ඇයගේ කාර්යාලය වෙත රැගෙන ගියා.

ඒ මෙම විමර්ශනයට අදාළව වැඩිදුර පරීක්ෂණ සහ කාර්යාල පරිශ්‍රයේ ඇති ලිපි ලේඛන පරික්ෂා පරීක්ෂාකර විමර්ශනයට අදාළ ලිපි ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනීම් සඳහායි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment