තිළිනි ප්‍රියමාලි ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන දේ

October 12, 2022 - 5:46 PM

තිළිනි ප්‍රියමාලි ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන දේ | දේශීය පුවත්

අත්අඩංගුවට ගෙන සිටින තිළිනි ප්‍රියමාලි සම්බන්ධයෙන් රුපියල් කෝටි 250 ක පමණ මුදලකට අදාලව CID ය වෙත මේ දක්වා පැමිණිලි 8ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

මෙම කාන්තාව සම්බන්ධ මුදල් වංචා පිළිබඳ පැමිණිලි CID යට හෝ ලඟම ඇති පොලිස් ස්ථානයට යොමු කරන මෙන් ජනතාවගෙන් සහ මෙම වංචාවන්ට හසුවූවන්ගෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා ඉල්ලා සිටිනවා.

ඇය හා සම්බන්ධ සමාජ මාධ්‍ය තොරතුරු සියල්ල සත්‍ය නොවන බවත් වැඩිදුර විමර්ශන තවදුරටත් සිදුවන බව ඔහු පවසනවා.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment