මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කිරීම තාවකාලිකව නතර කර තිබේ.
අද (ඔක්. 13) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව මීට පෙර තීරණය කර තිබිණි.
කාර්යාල දුම්රිය ධාවනය වන වේලාවන් සංශෝධනය කිරීමට මෙහිදී තීරණය වී තිබුණු අතර දැනට දුම්රිය ධාවනය වන වේලාවට මිනිත්තු 10කට පමණ පෙර අදාළ දුම්රියන් ධාවනය කිරීමට ද එහිදී සැලසුම් කර තිබිණි.
කෙසේ වෙතත්, මහ ජනතාවට අදාළ සංශෝධනය පිළිබඳ නිසි දැනුවත් කිරීමක් සිදුවී නොමැති බැවින් එම සංශෝධනය තාවකාලිකව නතර කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඉදිරි සතිය තුළ දුම්රිය කාලසටහනේ සිදු කෙරෙන සංශෝධන පිළිබඳව නිසි දැනුවත් කිරීමකින් අනතුරුව එය ක්‍රියාත්මක කිරීමට නියමිත ය.