පසුගිය සමයේ බස්නාහිර පළාත තුල යතුරුපැදි සහ ත්‍රී රෝද රථ අධික ලෙස පැහැරගැනීටම ලක්වී තිබීම හේතුවෙන් එම අපරාධ කටයුතු අවම කිරීම සඳහා ගරාජ් සහ වාහන කොටස් අළුත්වැඩියා කිරීමේ ස්ථාන 2,863 ක් ලියාපදිංචි කිරීම ආරම්භ කළ බව පොලිසිය පැවසුවා.
126 වන බස්නාහිර පළාතේ පොලිස් වසම් ආවරණය වන පරිදි ස්ථාන 2863 ක හිමිකරුවන් 2000 කට අධික පිරිසක් මේ වන විට දැනුවත් කර ඇති බවත් පොලිසිය වැඩි දුරටත් සඳහන් කළා.