වැඩ වැරදුනු, පෙම්වතිය පැහැර ගැනීම

October 13, 2022 - 10:25 AM

වැඩ වැරදුනු, පෙම්වතිය පැහැර ගැනීම | දේශීය පුවත්

ප්‍රේම සම්බන්ධතාවයක් බිඳවැටීම හේතුවෙන් ඊට උරන වූ තරුණයෙකු තම පැරණි පෙම්වතිය පැහැරගැනීමට උත්සාහකල පුවතක් අලුත්ගම ප්‍රදේශයෙන් වාර්තාවේ.

මෝටර් රථයක් යොදාගනිමින් පුද්ගලයින් තිදෙනෙකු විසින්  අලුත්ගම, මොරගල්ල ප්‍රදේශයේදී අදාල 23 හැවිරිදි තරුණිය පැහැරගෙන ගොස් ඇත.

තරුණිය කාලවේල යක්වත්ත ප්‍රදේශයේ නිවසකට රැගෙන යමින් සිටියදී පොලිසිය ඔවුන් හඹාගොස් අත් අඩංගුවට ගැනීමට කටයුතුකර ඇතිබව වාර්තාවේ.

එම තරුණිය රාත්‍රියේම මව්පියන්ට භාරදී ඇති ඇතර, තරුණිය පැහැර ගැනීමට යොදාගත් ලක්ෂ 70 ක් පමණ වටිනා මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන,  සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අලුත්ගම සහ මොරගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 28 සහ 21 වයස්වල පුද්ගලයන් බව පොලීසිය පවසයි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment