ශ්‍රී ලංකාවේ වන සතුන් හේතුවෙන් සිදුවන වගා හානි ලැයිස්තුවෙන් වන අලියා ඉවත්කිරීමට පියවර යොදන ලෙස කෘෂිකර්ම, වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා, වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට උපදෙස් ලබා දී ඇතැයි වාරතා වනවා.
මෙරට වන සතුන් හේතුවෙන් සිදුවන වගා හානි ලැයිස්තුවේ වන අලියා හේතුවෙන් සිදුවන හානිය සමස්ථ හානියෙන් සියයට 20 ක් පමණ අවම අගයක පවතින බවත් රිළවා, වඳුරා, මොණරා, වල් ඌරා සහ දඩුලේනා හේතුවෙන් සියයට 46ක් පමණ විශාල වගා හානියක් සිදුවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.