මෛත්‍රිටත් දයාසිරිටත් අධිකරණ නියෝගයක්

October 13, 2022 - 1:54 PM

මෛත්‍රිටත්  දයාසිරිටත් අධිකරණ නියෝගයක් | දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තමා දරන තනතුරු අහිමි කිරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කර ලෙස ඉල්ලා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් ලබන 19 වනදා කරුණු දක්වන ලෙස කොළඹ දිසා අධිකරණය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එම පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර මහතා වෙත නොතිසි නිකුත් කරන ලෙස නියෝග කළේය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අධිකරණය එම නියෝගය නිකුත් කළේය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment