පසුගිය මාස කිහිපයක කාලය තුල දිවයින පුරා ඩෙංගු රෝගීන් 60,000 ක පමණ ප්‍රමාණයක් වාර්තා වී ඇත. ඊට අදාලව පසුගිය සතිය තුල ඩෙංගු රෝගීන් 1,152 දෙනෙකු හඳුනාගැනීමත් සමග මේ වන විට රෝගීන් 59,317 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ දත්තවලට තහවුරු වී තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසනවා.
තව දුරටත් ඔහු මෙසේ පවසනවා.
"මෙය පසුගිය වසරට සාපේක්ෂව තුන් ගුණයක වැඩි වීමකි. පසුගිය වසරේ අදාල කාලසීමාව තුල වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් 19,912 ක් බව ඩෙංගු මර්ධන ඒකයේ දත්ත වලට අනූව තහවුරු වේ.
මේ වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇති අතර මහනුවර, ගාල්ල, යාපනය, කෑගල්ල, පුත්තලම, කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින්ද පසුගිය වසරට සාපේක්ෂව වැඩි ඩෙංගු රෝගීන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
පවතින ඩෙංගු රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාස 36ක් අධි අවධානම් කලාප ලෙස නම් කර තිබේ.
කෙසේ නමුත් ඩෙංගු රෝගය හදුනා ගැනීම සදහා යොදා ගැනෙන 'ඩෙංගු ඇන්ටිජන්' පරීක්ෂණය සිදු කිරීම සදහා අවශ්‍ය ප්‍රතික්‍රීයක කට්ටල බොහෝ රජයේ රෝහල් වල නොමැති අතර, ඩෙංගු රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමට අත්‍යවශ්‍ය FBC පරීක්ෂාවට අවශ්‍ය ප්‍රතික්‍රීයක ලබා දීමද සමාගම් ගණනාවක් විසින් අත් හිටුවා ඇත.
ප්‍රතික්‍රීයක ලබාදීම වෙණුවෙන් ගෙවිය යුතු ණය මුදල් ගෙවීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මාස ගණනාවක් තිස්සේ පැහැරන් හරිමින් තිබීම හේතුවෙන් ඇතැම් සමාගම් ජාත්‍යන්තර වශයෙන්ම අසාධුගත වී ඇත.
ඒ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා අංශය වෙත වෙන්කල ප්‍රතිපාදනවලින් දෙවන හා තෙවන කාර්තුවට අදාලව මිලියන 125ක් පමණ ප්‍රයෝජනයට නොගැනීම හේතුවෙන් අහෝසිවී ඇති ඇත.
ඉන්දියන් ණය ආධාර යටතේ ලැබී ඇති මුදලෙන් ඩොලර් මිලියන 60ක් පමණ මාස 6ක් තිස්සේ ප්‍රයෝජනයට ගැනීමට නොහැකිව ඉතිරිව තිබියදී එකම එක රසායනාගාර ප්‍රතික්‍රීයකයක් හෝ ඒ යටතේ ගෙන්වා ගැනීමට රසායනාගාර නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වරයා අපොහොසත් වී ඇත. මේ පිළිබදව වාර්තාවක් සපයන ලෙස සෞඛ්‍ය ලේකම් වරයා විසින් ඔහුට පවරා ඇති නමුත් මාස3ක් තිස්සේ ඊට පිළිතුරක් පවා ලැබී නැත.
එනයින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඩෙංගු අධි ආරක්ෂක කලාප නම් කිරීම පමණක් සිදු කිරීම සිදු කලද, ආරක්ෂාව සදහා මදුරුවන් පසුපස හඹා යෑම හැර මහ ජනතාවට වෙනත් විකල්පයක් ඉතිරි කොට නැති බවත් ඔහු පෙන්වා දෙනවා.