මුදල් වංචාවන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති තිලිනි ප්‍රියමාලි නිෂ්පාදනය කරන්නට ගිය ‘මායා ජාල‘ චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගිය අප්‍රේල් මාසයේ කොළඹ ෂැංග්‍රිලා හෝටල් ශාලාවේදී උත්සවාකාරයෙන් පැවත්වුණා.මේ සඳහා ‘ශිවන්‍යා‘ ලෙස ප්‍රකට ඉන්දීය නිළි මෝනි රෝයි ද සහභාගි වී තිබූ අතර මෙම අවස්ථාව සඳහා රුපියල් කෝටි 2කට පමණ අධික මුදලක් වැය කර තිබුණ බව ආරංචි මාර්ග පවසනවා.
මෙම චිත්‍රපටය පුබුදු චතුරංග ලවා අධ්‍යක්ෂණය කරන්නට ඇය ආරාධනය කර තිබූ අතර අතර මේ වන විට තිලිනි අත්අඩංගුවට ගැනීමත් සමග මෙම චිත්‍රපටයේ වැඩ කටයුතු සියල්ල අඩාලව ගොස් තිබෙනවා.
මෙම උත්සවයට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනද එක් වූ අතර හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ, හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරුන් සහ තවත් ජනප්‍රිය නළු නිලියන් පිරිසක් සහභාගි වී සිටියා.
එහි විශේෂ අවස්ථාවන් ඇතුලත් ඡායාරූප පහලින්