ලංකාවේ කෙල්ලන් ප්‍රථම වරට T-20 ආසියානු කුසලාන ක්‍රිකට් අවසන් තරඟයකට

October 13, 2022 - 7:37 PM

ලංකාවේ කෙල්ලන් ප්‍රථම වරට T-20 ආසියානු කුසලාන ක්‍රිකට් අවසන්  තරඟයකට | ක්‍රීඩා පුවත්

2022 කාන්තා T20 ආසියානු කුසලාන   දෙවන අවසන් පූර්ව තරඟය අද (ඔක්.13) පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර බංග්ලාදේශයේ  Sylhet ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වුනා.ඉතා තියුණු තරඟයකින් පසුු  ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් පන්දුවේදී පකිස්තාන  පාකිස්තානය පරදවා ඉන්දියාව සමඟ අවසන් මහ තරඟය සඳහා සුදුසුකම් ලැබුවා.

 කාසියේ වාසිය ලබාගත් ශ්‍රීලංකා පිළ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කලා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත  පන්දුවාර 20 තුල කඩුලු  06 ක් දැවී ලකුණු 122 ක් ලබා ගත්තා. මෙහිදී හර්ෂිතා සමරවික්‍රම ලකුණු 35(41) ක්ද අනුෂ්කා සංජීවනි ලකුණු  26(21) ක්ද ලබා ගත්තා. පිළිතුරු  ඉනිම ක්‍රීඩා කල පකිස්තාන කාන්තා කණ්ඩායමට තම පන්දු වාර 20 තුල ලබා ගත හැකි වූයේ ලකුණු  121 ක් පමණිි .බිස්මා මහරූෆ්  ලකුණු 42(41) ක් ලබා ගත් අතර ඉනෝකා රණවීර තම පන්දු වාර 4 තුල ලකුණු 17 ක් පමනක් ලබා දෙමින් කඩුලු  2 ක් ලබා ගත්තා. 

ඒ අනුව කාන්තා  T-20  ආසියානු කුසලාන අවසන් මහා තරඟය ශ්‍රී ලංකාව සහ ඉන්දියව අතර ලබන ඔක්.15(සෙනසුරාදා) බංග්ලාදේශයේ sylhet ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී එරට වේලාවෙන් දහවල් 1.00 ට ආරම්භ වීමට නියමතයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලක්  ආසියානු කුසලාන T-20 අවසන් මහ තරඟයකට පෙනී සිටින්නේ ප්‍රථම වරට වීම විශේෂත්වයක්. 

WhatsApp
Telegram
Make a Comment
Make a Comment