මෙන්න පොලිසියේ වැඩ

October 13, 2022 - 7:58 PM

මෙන්න පොලිසියේ වැඩ | දේශීය පුවත්

දකුනු කළුතර පොලිසිය විසින් පානදුර සහ කළුතර අතර සිදු කරන ලද ජංගම සෝදිසි මෙහෙයුමකදී  එක් සැකකරුවෙකු, කඩු හයක් සහ වාහනයක්  සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. වාහනයේ සිටි තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට තැත් කිරීමේදි  පලාගොස් තිබෙනවා.

මේ අතර ඊයේ අහුන්ගල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කරන ලද සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට වෙඩි තබා තිබෙනවා. එම අවස්ථාවේදී වි⁣ශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ  ප්‍රති ප්‍රහාර හමුවේ ඔහු මිය ගොස් තිබෙනවා.

එම පුද්ගලයා මියගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් අනතුරුව බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බවයි පොලීසිය පවසන්නේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment