පවතින අධික වර්ෂාවත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ජලයෙන් යට වී තිබේ.
ඒ හේතුවෙන් කුඩා ප්‍රමාණයේ රථවාහනවල ගමනාගමනයට බාධා එල්ලවී ඇත.
වැලිපැන්න පිවිසුම ආසන්නයේ ස්ථාන දෙකක මාර්ගය මෙලෙස ජලයෙන් යට වීම හේතුවෙන් එලෙස ගමනාගමනයට බාධා සිදුවී තිබේ.
ඒ හේතුවෙන්, විකල්ප පිවිසුම් මාර්ග භාවිත කරන ලෙසට අධිවේගී මාර්ග නඩත්තු ඒකකය මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹට හෝ ගාල්ල දෙසට ගමන් කිරීමට බලාපොරොත්තු වන රියැදුරන්ට ඒ සඳහා කුරුඳුගහහැතැක්ම හෝ දොඩංගොඩ පිවිසුම් භාවිත කළ හැකි වේ.