ජාතික හැඳුනුම් පත් ගාස්තු ඉහළට 

October 14, 2022 - 8:41 AM

ජාතික හැඳුනුම් පත් ගාස්තු ඉහළට | දේශීය පුවත්

ජාතික හැඳුනුම් පතක් ලබා ගැනීම සඳහා අය කෙරෙන ගාස්තු සංශෝධනය කර තිබේ.

නොවැම්බර් 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි එම සංශෝධනය ක්‍රියාත්මක වන බව ගැසට් පත්‍රයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කර ඇත.

ඒ අනුව, ජාතික හැඳුනුම් පතක් පළමු වරට ලබා ගැනීමේදී රු. 200ක ගාස්තුවක් ගෙවිය යුතු ය.

එමෙන් ම, එහි අනුපිටපතක් ලබා ගැනීම සඳහා රුපියල් 1,000ක ගාස්තුවක් ගෙවිය යුතු ය.

තව ද ජාතික හැඳුනුම් පතේ සංශෝධිත අනුපිටපතක් ලබා ගැනීම සඳහා රු. 500ක ගාස්තුවක් ද වලංගු කාලය ඉකුත් වූ ජාතික හැඳුනුම් පතක් වෙනුවට නව ජාතික හැඳුනුම් පතක් ලබා ගැනීම සඳහා රු. 200ක මුදලක් ද අය කෙරෙනු ඇත.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment