අසංකට වරෙන්තු

August 25, 2022 - 1:04 AM

අසංකට වරෙන්තු | දේශීය පුවත්

ජන අරගලයේ ක්‍රියාකාරිකයකු මෙන්ම මැයි 9 ගාලුමුවදොර අරගල බිමේදී වටකර පහරදීමට ලක් වූ අසංක අබේරත්නට අද (25) දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට (CID)පැමිණෙන ලෙස දැනුම්දීමක් කර ඇත.  

ඔහුට විරුද්ධව පොලිසිය නගන චෝදනාව වන්නේ ජූලි 13 වැනිදා අගමැති කාර්යාලයට ඇතුල් වීම, දේපළ වලට හානි කිරීම ආදියයි. කෙසේවෙතත්, ඔහු එම දිනය තුළ රැඳී සිටියේ ගාලුමුවදොර අරගල භූමියේ බව සාක්ෂි සහිතව සනාථ කළ හැකි බව අරගල බිමේ ක්‍රියාකාරිහු පෙන්වා දෙති. මේ, අසංකට පහරදුන් අපරාධකරුවන් නිදැල්ලේ සිටියදී ඔහුගේ අරගලකාරී ශක්තිය, මර්දනයේ හස්තයට ගොදුරු කරවීමේ උත්සාහය ජන අරගලය මොට කිරීමට දරණ උත්සාහයේ තවත් පියවරක් පමණි.

ව්‍යාජ චෝදනා නගමින් රනිල්-රාජපක්ෂ ආණ්ඩුව ගෙන යන මෙම මර්දනකාරී පිළිවෙතට එරෙහිව හඬ නගමු, සංවිධානය වෙමු, අරගලය ශක්තිමත් කරමු. අරගලය පරාජය කිරීමේ මර්දනකාරී පිළිවෙත සමග මෘග ප්‍රහාරක පියවර ගනිමින් සිටින ජනතා සතුරන් පරාජය කරමු.

හෙට දින උදෑසන 9.00ට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත යන අවස්ථාවේ එහි පැමිණ අරගලකරු අසංක අබේරත්නට සහයෝගය පළ කරමු.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment