ඕස්ට්‍රේලියාවටත් කාලගුණයෙන් දැඩි හානි

October 14, 2022 - 10:55 AM

ඕස්ට්‍රේලියාවටත් කාලගුණයෙන් දැඩි හානි | විදේශීය පුවත්

ඕස්ට්‍රේලියාවට ඇති වූ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් විශාල ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙන බව ඔස්ට්‍රෙි්ලියානු මාධ්‍ය වාර්තාකරනවා.

මේ වනවිට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ඇතුළුව ප්‍රාන්ත තුනක ප්‍රජාවන්ට ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙස නියෝග කර ඇත.

එරට සමහර ප්‍රදේශවලට, පැය 24ක් තුළ සාමාන්‍ය ඔක්තෝබර් වර්ෂාපතනය මෙන් තුන් ගුණයකට වඩා වැඩි වර්ෂාපතනයක් වාර්තා වූ බව සඳහන්.

මේ හේතුවෙන් නිවාස 500 ක් පමණ ජලයෙන් යටවී, එක් අයෙකු මිය ගොස් තවත් අයෙකු අතුරුදහන්ව ඇති බව මාධ්‍ය වාර්තා කළා.

එරටට මේ වසරේ ඇති වූ "ලා නීනෝ" කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 20 කට ජීවිත අහිමි විය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment