මෙන්න අලුත්ම පිරමීඩ් සෙල්ලම

October 14, 2022 - 11:00 AM

මෙන්න අලුත්ම පිරමීඩ් සෙල්ලම | දේශීය පුවත්

පිරමිඩ් ක්‍රමයට මුදල් ආයෝජනය සහ වංචාවන් කලින් කල අප රටේ අසන්න ලැබෙන සුලභ පුවතක්. නැවතත් එය කරලියට පැමින තිබෙනවා. 

එහි ආසන්නම සිදුවීමකට ආදාල චීන ජාතිකයකු(35) සහ චීන ජාතික කාන්තාවක්(25)  පෙරේදා (ඔක්.12) රාත්‍රී මැලේසියාව බලා පිටත්ව යාම සදහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා. 

කොළඹ 05 ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි මෙම යුවළ ‘ස්පෝට්ස් චේන්’ නමින් පරිගණක මෘදුකාංගයක් මගින් රුපියල් කෝටි 1500කට අධික මුදලක් වංචා කළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් චීන ජාතික මෙම යුවළ ලබන  21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා ඊයේ (ඔක්.13) නියෝග කර තිබෙනවා.

.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment