දුම්රිය මගීන්ට විශේෂ දැනුම් දීමක්

October 14, 2022 - 11:49 AM

දුම්රිය මගීන්ට විශේෂ දැනුම් දීමක් | දේශීය පුවත්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහනේ සංශෝධන ඔක්තෝබර් මස 20 වන දා සිට ක්‍රියාත්මක කිරිමට තීරණය කර තිබේ.

ඊයේ (ඔක්. 13) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව මීට පෙර තීරණය කර තිබුණ ද පසුව එය අත්හිටවනු ලැබිණි.

ඒ අනුව, ලබන 20 වන දා සිට දැනට දුම්රිය ධාවනය වන වේලාවට‍ මිනිත්තු 10කට පමණ පෙර නව සංශෝධන යටතේ දුම්රියන් ධාවනය කිරීමට නියමිතව ඇත.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment