ශ්‍රී ලංකාවේ ණය ගැන චීනය සහ ඉන්දියාව මත ගැටුමක? 

October 14, 2022 - 1:33 PM

ශ්‍රී ලංකාවේ ණය ගැන චීනය සහ ඉන්දියාව මත ගැටුමක? | දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවෙන් සහ චීනයෙන් පිළිතුරු අපේක්ෂාවෙන් පැරිස් සමාජය බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

මෙරට ණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සමීපව සම්බන්ධීකරණය කිරීමට පැරිස් සමාජයේ රටවල් පසුගිය මාසයේ ඉන්දියාවෙන් සහ චීනයෙන් ඉල්ලීමක් කළ බව ඒ සම්බන්ධයෙන් ඍජු දැනුමක් ඇති මූලාශ්‍රයක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය සඳහන් කර ඇත.

අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය පහසුකමක් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව සැප්තැම්බර් මාසයේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීමෙන් පසු පැරිස් සමාජයේ රටවල නියෝජිතයින් මෙරට විශාලතම ද්විපාර්ශ්වික ණය හිමි රටවල් ද්විත්වය වන ඉන්දියාවෙන් සහ චීනයෙන් එම ඉල්ලීම කර තිබේ.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් පැරිස් සමාජය වෙත ඉන්දියාවෙන් සහ චීනයෙන් තවමත් පිළිතුරක් ලැබී නොමැති බව අදාළ මූලාශ්‍රය සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැරිස් සමාජය සමග සමීප සම්බන්ධීකරණයක නිරත වීමට පළමු පියවර ගත යුත්තේ කවුරුන් ද? යන්න සම්බන්ධයෙන් ඉන්දියාව සහ චීනය මත ගැටුමක සිටිනවා විය හැකි යැයි රොයිටර්ස් වෙත තොරතුරු ලබා දුන් මූලාශ්‍රය සඳහන් කර තිබේ.

මේ වන විට ශ්‍රී ලංකාව සතු විදේශ විනිමය ණය වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 38.7කි. එය මෙරට දල දේශීය නිෂ්පාදිතයෙන් 48.2%ක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාර්තු මාසයේ නිකුත් කර ඇති වාර්තාව මගින් පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාව ද්විපාර්ශිවික ණය හිමියන්ට අමෙරිකානු ඩොලර් බිලියන 14ක් පමණ ණය අතර ඉන් 66%ක් පැරිස් සමාජයේ නොවන රටවල්වලට අයත් බව රජයේ දත්ත උපුටා දක්වමින් රොයිටර්ස් වාර්තා කර තිබේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment