බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (ඔක්. 14) වරෙන්තු නිකුත් කර තිබේ.ඥානසාර හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුවකට අදාළව එම හිමියන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් එලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කර ඇත.
මෙරට මුස්ලිම් ප්‍රජාවගේ සිත් රිදවන ආකාරයේ වෛරී ප්‍රකාශයක් කළ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට එරෙහිව ආදාළ නඩුව ගොනු කර තිබේ.