සැකකරුවන් 13 දෙනෙකු හඳුනා ගන්න පොලිසිය මහජන සහය ඉල්ලයි

October 14, 2022 - 5:27 PM

සැකකරුවන් 13 දෙනෙකු හඳුනා ගන්න පොලිසිය මහජන සහය ඉල්ලයි | දේශීය පුවත්

අවශ්‍ය කරන සැකකරුවන් 13 දෙනෙකු හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි.

එම පිරිස පසුගිය අගෝස්තු මස 18 වන දා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් යූනියන් පෙදෙසේදී පවත්වන ලද නීති විරෝධී රැස්වීමක හා පෙළපාලියක සාමාජිකයන්ව සිටි බව පොලිසිය පැවසීය.

ඒ අනුව, එම රැස්වීමට අදාළව ලබාගත් වීඩියෝ දර්ශන අනුව අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය කර සිටින මෙතෙක් අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි වූ සැකකරුවන් පිරිසක් හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහය අපේක්ෂා කරයි.

එම පිරිස සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 0718591561 අංකයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට හෝ 0718594414 අංකයෙන් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දෙන ලෙසට පොලිසිය ඉල්ලා සිටියි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment