ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් ජනපතිගෙන් ඉල්ලීමක්

October 14, 2022 - 7:23 PM

ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් ජනපතිගෙන් ඉල්ලීමක් | දේශීය පුවත්

වගා කළ හැකි සියලු ඉඩම් වගා කරමින් රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව මුහුණ පා සිටින ඉඩම් ගැටලුව පිළිබඳ අද (14) පස්වරුවේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්වුණු සාකච්ඡාවට එක් වෙමිනි.
 
පාරම්පරිකව ගොවීන් විසින් වගාකරන ලද එහෙත් යුද්ධය නිසා අතහැර ගොස් තිබී යුද්ධය නිමවීමෙන් පසුව වනජීවි හා වනරක්ෂිත ලෙස මායිම්ගල් දමා ඇති පාරම්පරික ඉඩම් නැවත ගොවීන් වෙත ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.
 
එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා හඳුන්වා දුන් ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය පිළිබඳ වැඩසටහන ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී විමසා බැලිණි.

img-20221014-wa0088 img-20221014-wa0089 img-20221014-wa0090 
 

WhatsApp
Telegram
Make a Comment
Make a Comment