හැරී පෝටර් හී හැග්රිඩ් සැබෑ ජීවිතයෙන් සමුගනී

October 14, 2022 - 9:30 PM

හැරී පෝටර් හී හැග්රිඩ් සැබෑ ජීවිතයෙන් සමුගනී | විචිත්‍ර පුවත්  | විදේශීය පුවත්

ලොව පුරා ඉමහත් ජනාදරයට පත් වූ හැරී පොටර් කතා මාලාවේ ‘හැග්‍රිඩ්ගේ’ චරිතයට පණ පෙවූ රොබී කෝල්ට්‍රේන් ජීවිතක්ෂයට පත් වී තිබේ.

මිය යන විට ඔහු 72 වන වියේ පසු විය.

නිවේදනයක් නිකුත් කරමින් ඔහුගේ නියෝජිත බෙලින්ඩා රයිට් සඳහන් කර ඇත්තේ ස්කොට්ලන්තයේ, ෆාල්කර්ක් අසල රෝහලේදී රොබී මිය ගිය බව ය.

ඔහු දරුවන්ට මෙන් ම, වැඩිහිටියන්ට ද ප්‍රීතිය ගෙන ආ අද්විතීය දක්ෂතාවකින් හෙබි රංගන ශිල්පියෙකු විය.

හැරී පොටර් චරිතය සඳහා රංගනයෙන් දායක වූ ඩැනියෙල් රැඩ්ක්ලිෆ් සඳහන් කර ඇත්තේ, “රොබී මට මුණගැසුණු හාස්‍යජනක පුද්ගලයින්ගෙන් කෙනෙක්. අප කුඩා කළ සිදු කළ රූගත කිරීම්වලදී අපව නිතර සිනහවෙන් තබන්නට ඔහු කටයුතු කළා,” යනුවෙනි.

රොබී කෝල්ට්‍රේන් සිය රංගන ජීවිතය ආරම්භ කරන්නේ, 1979 වසරේ රූපවාහිනී නාට්‍ය මාලවකිනි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment