*තහනම් භාණ්ඩ බන්ධනාගාරයට රැගෙන යාමට තැත්කල රැඳවියෙකු විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට*
විශේෂ කාර්ය බලකාය වැලිකඩ බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය වැලිකඩ බන්ධනාගාර කඳවුරේ පොලිස් සැරයන් 6083 වික්‍රමසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.08.24 වන දින කොළඔ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැදවියන් සෝදිසි කිරීමේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී පැය 1745 ට තහනම් භාණ්ඩ බන්ධනාගාරය තුලට රැගෙන යෑමට තැත්කරන ලද වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48 ක පුද්ගලයකු ජංගම දුරකථන 02ක්, බැටරි 02ක් සහ චාජර් කේබල් 02ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජේලර් ප්‍රදීප් රණසිංහ නිලධාරියා වෙත භාර දී ඇත.